ප්‍රංශ පොලීසියෙන් අහම්බෙන් අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන ධර්මලිංගම් ජයන්තන් මුහුන්දන් (36) ශ්‍රීලකාවට ගන්වා ගැනීම සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද ජාත්‍යන්තර මට්ටමින්ද ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
කොටි සංවිධානයේ බුද්ධි අංශ නායකයකු වු කපිල් අම්මාන් යටතේ සේවය කළ ඔහු කොළඹ නගරයේ බෝම්බ ඇටැවීම භාරව සිටි බව මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
2008.05.16 වැනිදා කොළඹ කොටුව සම්බෝධි විහාරය අසලදී පොලිස් බස් රියකට මරාගෙන මැරෙන යතුරුපැදි කරුවකු ලවා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමටත් 2008.09.16 කුරුඳුවත්ත හෝර්ටන් වටරවුම අසල ලංගම බස් රථයක බෝම්බයක් පිපිරවීමටත් ඔහු හවුල් බවට තොරතුරු ඇතැයි මාධ්‍ය ප්‍රකාශක පවසයි