පැරෂුට් භටයෝ ගාලු මුව දොරට


(අංජුල මහික වීරරත්න)

76 වන නිදහස් දිනයට අභිමානයක් එක් කරමින් අඩි හත්දහසක් ඉහළ අහසේ සිට පැරෂුට් භටයෝ ගාලු මුවදොර පිටියට ලඟා වූහ.

ඇන්ටනෝව් 32 ගුවන් යානයක සිට ඔවුහු මෙලෙස ගාලු මුවදොරට  පැමිණියහ.

යුද ,ගුවන් ,නාවික සහ පොලිස් විශේෂ බලකාය නියෝජනය කරමින් රණවිරුවෝ තිස් දෙනෙක් මෙලෙස මව්බිම සිප ගත්හ.

පැරෂුට් භටයෝ  ජනාධිපති පීඨිකාව අසලට ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත උත්තමාචාරය පුද කළහ.