පැරණිම වෘත්තියට ගිහින් අමාරුවේ


බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය මරදානේ ගණිකා නිවාස තුනක් වටලා කාන්තාවන් 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ගණිකා නිවාස පවත්වාගෙය යෑම හා කලමනාකරණය සම්බන්ධයෙන් කැලණිය, ගම්පහ සහ තලවකැලේ සැකකරුවෝ පස් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් කාන්තාවෝ දෙවිනුවර, හැටන්, රක්වාන, අවිස්සාවේල්ල, කදපොල, කල්මුණ, රත්මලාන, වරකාපොල, තලවකැලේ, නුවරඑළිය, මැදවච්චිය, කඩුවෙල, මරදාන, බටගොඩ, මිනුවන්ගොඩ, රත්මලාන, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචිකාරියෝය.