පැරණි වොලිබෝල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ තොරතුරු සොයයි


ශී‍්‍ර ලංකාවේ වොලිබෝල් ඉතිහාසය පිළිබඳව ලියැවුණු ග‍්‍රන්ථය එලිදැක්වීමට සමගාමීව ශී‍්‍ර ලංකාව නියෝජනය කළ පැරණි වොලිබෝල් කී‍්‍රඩක කී‍්‍රඞීකාවන්ට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු සංවිධානය කර ඇත.

1955 වසරේ සිට 1991 දී ශී‍්‍ර ලංකාවේ පැවති දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල දක්වා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩක කී‍්‍ර‍්‍රිඩිකාවන් තමන්ගේ ලිපිනය, දුරකථන අංකය හා විද්‍යුත් ලිපිනය හෝ ෆැක්ස් අංකය මේ මස 15 වැනිදාට පෙර ප‍්‍රධාන ලේකම්, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අමාත්‍යංශ කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යංශය, අංක 234. ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල යන ලිපිනයට හෝ දුරකථන අංක 0777-280397 නැතහොත් ෆැක්ස් අංක 011-2864281 ට ලැබීමට සලස්වන මෙන් ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඉල්ලා සිටී.