පැයෙන් ගාල්ලේ


ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ග වන දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ලබන 27 වැනි දා ජනතා අයිතියට පත්කිිරීමට නියමිතය.කොට්ටාවේ සිට ගාල්ල දක්වා කිලෝ මීටර 95.3 ක් වන මාර්ගයට ඇතුළුවීමට පිවිසුම් මාර්ග අටකි. කොට්ටාවේ සිට ගාල්ල දක්වා මිනිත්තු 50 ක දී ළගාවීමට හැකියාව ඇත. මෙම මාර්ගය මංතීරු හතරකින් සමන්විත අතර ඉදිරියේදී මංතීරු හයක් දක්වා පුළුල් කිරීමට නියමිතය. මාර්ගය ඉදිරිකිරීම සඳහා රුපියල් කෝටි 7000 ක් පමණ වැයවී ඇත.මෙම මාර්ගයට ත‍්‍රිරෝද රථ, යතුරු පැදි, අත්ට‍්‍රැක්ටර් සහ පාපැදි ඇතුළුවීම තහනම් වන අතර ආරම්භයේදී මගී ප‍්‍රවාහන බස් රථ සඳහා ද අවසර නොලැබේ. නගරාන්තර බස් පහකට ද, කාර් හා වෑන් රථවලට ද අවසර ඇත.පදිකයන්ට ද ඇතුළුවිය නොහැකිය. අනවසරෙන් ඇතුළු වුවහොත් රුපියල් 5,000 ක දඩයකට යටත් වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ආර්. ඩබ්ලිව්. ආර්. පේ‍්‍රමසිරි මහතා පැවසීය. මෙම මාර්ගය කොට්ටාව සිට ගාල්ල දක්වා සම්පූර්ණ දුර ගමන් කිරීමට රුපියල් 400 ක ටිකට් පතක් මිලදී ගතයුතුය. මෙහිදී වාහනයකට පැයටකිලෝමීටර 100 ක් වේගයෙන් ධාවන කළ හැකි අවම වේගය තීරණය කර නොමැත. පැයට කිලෝමීටර 100 ක් වේගයෙන් ධාවන කළ හොත් ගාල්ලට ළගාවීමට ගතවන කාලය මිනිත්තු 57.තත්පර දහයකි.