(යොහාන් භාසුර)
පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඒ අනුව හෙට (2) පෙරවරු 8.00 ත් සවස 6.00 ත් අතර කාලසීමාව තුළ පැය පහක කාලයක් සහ සවස 6.00 ත් රාත්‍රි 11.00 ත් අතර කාලය තුළ තවත් පැය දෙකහමාරක කාලයක් ද විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කීය.

