පැය තුනහමාරක සැත්කමකින් ඉන්න ඉවත් කරයි


බාප්පා සමග කුඹුරු වැඩට ගොස් අඩි 12ක් පමණ උසැති අඹ ගසකින් වැටී ඉන්නක් ඇනී කොළඹ ජාතික රෝහලට එවූ තුෂාර ඉඳුනිල් ලක්ෂාන් (16) නමැති බුලත්සිංහල මැදි මහ විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාට පැය තුන හමාරක සැත්කමක් කළ බවත් බෙල්ලේ ඇනුණු ලීය ඉවත් කළ බවත් වෛද්‍යවරු කියති.

සැත්කමින් පසු සිසුවා දැඩි සත්කාර ඒකකයට මාරු කෙරිණි.