ඉන්දිකා රාමනායක
අපරාධ නිවාරණය සඳහා දිවයිනේ සියලූම පොලිස් බල ප‍්‍රදේශ ආවරණය වන පරිදි පැය 4 ක් පුරා සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1716 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
ඊයේ (30) රාති‍්‍ර 11.00 සිට අද (31) අ`ථයම 3.00 දක්වා මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම කි‍්‍රයාක්මක කි‍්‍රයාත්මක කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.
මෙම මොහොයුමේ දී මාර්ග බාධක 1308 ක් යොදා රථවාහන 20913 සෝදිසි කර තිබු අතර පුද්ගලයින්ද 42673 දෙනකු සෝදිසියට ලක් කළ බවද හෙතෙම සඳහන් කළේය.
මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බීමතින් රියපැදවු 719 දෙනෙක් ද , විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් 554 දෙනෙක් ද වරේන්තු කරුවන් 397 දෙනෙක් ද සිටින බව පොලිසිය කියයි.
රථවාහන නඩු 3715 ක් ද, මත්පැන් පානය, බීමතින් අශෝබන ලෙස හැසිරීම සම්බන්ධයෙන් නඩු 46 ද ලබාගත් බවත්, විෂ මත්ද්‍රව , නීති විරෝධී මධ්‍යසාර වැටලීම් 420 ක් ද සිදුකළ බව පොලිසිය කියයි.
බොහෙත් කොටන තුවක්කු 05 ක් මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.
තවද මෙම මෙහෙයුමේ දී හොරොයින් ග‍්‍රෑම් 13 යි මිලිග‍්‍රෑම් 943 ක් ද , ගංජා කිලෝ 11 යි ග‍්‍රෑම් 293 ක් ද, වෙනත් මත්ද්‍රව්‍ය මිලිග‍්‍රෑම් 176 ක් හා නීති විරෝධී මධ්‍යසාර ලීටර් 3860 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පැවසීය.

