පැය 4 කදී 2564 ක් අත්අඩංගුවට


තරිඳු ජයවර්ධන

අද අලුයම දෙකේ සිට උදේ හය වන තෙක් පැය හතරක කාලයක් තුළ දිවයින පුරා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 2564 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මීට අමතරව රථවාහන නඩු 4735 ක් ලබා ගත් බව ද ඔහු කීවේය.
පොලිස්පත පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 741 දෙනකු ද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද සිටින බව පොලිසිය කියයි.