(විනීතා එම් ගමගේ)
මැතිවරණයෙන් පසු ගතවූ පැය 36 ක කාලය තුළ සිද්ධීන් 40 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් එම සිද්ධීන් ගෙන් 11 දෙනෙක් රෝහල් ගත කර ඇති බවත් පැෆරල් සංවිධානය කියයි.
පහර දීම් 11 ක් ඇතුළු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට වැටෙන සිද්ධීන් 33 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් එයින් 25 ක් තොරතුරු සොයා සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගත් බවත් එම සංවිධානය කියයි.
නීති විරෝධී රැස්වීම් හා පෙළපාලි මෙන්ම මහජනතාවට පීඩාවන අයුරින් කටයුතු කිරීම් සිද්ධීන් 7 ක් ද මෙම පැමිණිලි අතර වන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
බරපතල සිද්ධීන් අතර දේපල වලට හානි කිරීම් 6 ක් හා තර්ජනය කර බිය වැද්දීම් පිළිබඳ පැමිණිලි 12 ක් ද වාර්තා වී ඇත.