පැය 24ට නඩු දහතුන් දහසක් ඉක්මවයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරු පැදි වලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පැය ඉකුත් පැය 72 ක කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුමේදී මාර්ගයේ භාවිතයට නුසුදුසු යතුරුපැදි 450 ක් පොලිසිය බාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි .

එම කාලය තුළ ලබාගත් මුලු නඩු සංඛ්‍යාව 13320 ක් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මේ අතර බීමත්ව රිය පැදවූ යතුරුපැදිකරුවන් 398ක්,අධික වේගයෙන් යතුරු පැදි පැද වූ පුද්ගලයන් 129ක්,අධික වේගයෙන් යතුරු පැදි පැදවූ 108ක්,ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුරු පැදි පැදවු පුද්ගලයන් 1977 ක් ,බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1303ක්, මාර්ග නීති නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 2806 ,වෙනත් වැරදි සම්බන්ධයෙන් නඩු 6186 යටතේ මෙසේ නඩු පවරා ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.