පැය 24ට ගුවන් මගීහු 2068ක් මෙරටට පැමිණෙති


( ටී.කේ.ජී.කපිල )

මගී ගුවන් යානා සදහා පනවා තිබූ තහනම අවසන් කිරීමෙන් පසුව , අද උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට , මගී ගුවන් යානා 29 කින්  ගුවන් මගීන් 2,068 දෙනකුට මෙරටට පැමිණ ඇතැයි තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සදහන් කරයි .

සෞදි අරාබියේ රියාද් සිට 103 දෙනකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 135 දෙනකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 116 දෙනකු ද මෙසේ පැමිණ ඇත .

 ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 69 දෙනකු ද මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. .

මෙසේ  පැමිණි සියලුම ගුවන් මගීන් දින 14 ක කාළයක් නීරෝධායනය සදහා යොමු කරන අතර , ඒ අතරතුර මොවුන් පී.සී.ආර්.පරීක්ෂණ 02 කට ද සහභාගී විය යුතුය .

මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 963 දෙනකු , ගුවන් යානා 11 කින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .