පැය 24 ට හදිසි අනතුරු මරණ 7 යි


(අමල් වික්‍රමරත්න)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අවසන්වූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු 06 කින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් 01 අයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිසිය පවසයි.

මහියංගනය,වඩුකොඩේ,ඇල්පිටිය ,හුංගම,ගනේමුල්ල සහ පැල්මඩුල්ල යන පොලිස්වසම් වලින් මෙම රිය අනතුරු වාර්තාවි ඇත. 

මෙම අනතුරුවලින් මහියංගනයේ 53 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්,යාපනයේ වඩුක්කොඩේදී සිදුවූ යතුරු පැදි අනතුරකින්  25 හැවිරිදි තරුණයකු, ඇල්පිටිය යක්කටුව මාපලගම මාර්ගයේ  සිදු වූ අනතුරකින් අවුරුදු 17 තරුණයකු, මාතර තිස්සමහාරාම මාර්ගයේදී  පාරමාරුවීමට ගිය 84 හැවිරිදි  පදිකයෙක්,ගනේමුල්ල කොස්හින්න මාර්ගයේ විහාරස්ථානයක් අසලදී වේගය පාලනය කරගත නොහැකිව බස්රථයක ගැටී  අනතුරට පත්  යතුරු පැදියක ගමන්ගත් වයස අවුරුදු 18 ක තරුණයන් දෙදෙනෙක්, කොළඹ - මඩකලපුව මහාමාර්ගයේ පාතකඩ ප්‍රදේශයේදී මෝටර්රථයේ වේගය  පාලනය කරගත නොහැකිව පෙරලීමෙන්‍ 24 වියැති ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ මියගොස් ඇත.

අනතුරු සියල්ලටම අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.