පැය 24 ට ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් 53 ක්


පැය 24 ක් තුළ විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතුරින් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් -19 වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවිය අනුව ඊයේ (අගෝස්තු 31 වැනිදා) වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබූ කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 3018 කි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේම බෝවන රෝග හා වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියේ සටහන් වන නවතම තොරතුරු අනුව අද වන විට ශ්‍රී ලංකාවෙන් හමුවු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3071 ක් වී තිබේ.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11දෙනකු සුවය ලබා අද(11) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් දෙදෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 5දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් 3දෙනෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් එක් අයෙක්ද වෙති.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2868ක් වන අතර, මේ වනවිට 191දෙනෙක් තවදුරටත් රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටිති.