පසුගිය පැය 24 තුල ඉතාලියේ කොරෝනා වයිරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 627ක් බව වාර්තා වේ. මේ අනුව ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව 4,032 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට වාර්තා වූ විශාලතම මරණ සංඛ්‍යාව බවත් බලධාරීහු පවසති.
කොරෝනා වයිරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළ රට ලෙස බ්‍රහස්පතින්දා(19) වනවිට ඉතාලිය චීනය අභිබවා ගියේය. රෝගය ආරම්භ වූ චීනයේ දිනකට වාර්තා වූ මරණ සංඛ්‍යාව කිසි විටෙකත් 150 කට ඉක්මවා නොගිය බව සඳහන් වේ.

ඉතාලියේ රෝගීන් සංඛ්‍යාව 47,021 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර දිනයට වඩා 14.6% ක වැඩිවීමක් බව සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි. ලොම්බාර්ඩි හි උතුරු ප්‍රදේශය වඩාත්ම පීඩාවට පත්ව ඇති අතර මරණ 2,549 ක් සහ රෝගීන් 22,264 ක් වාර්තා වී තිබේ.
ආසාදනය වූවන්ගෙන් 5,129 ක් සිකුරාදා වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගිය බව දබලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


