පැය 24 කදී ඇඳිරිනිතීය උල්ලංඝනය කළ 1493 ක් අත්අඩංගුවට


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 තුළදී අද (04) දින උදෑසන 6.00 දක්වා පුද්ගලයින් 1493 අත්අඩංගුවට ගෙන වාහන 360 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයට කියයි.
 
ඉකුත් මස 20 වෙනි දින සවස 6 සිට අද දින උදෑසන 6 දක්වා කාල සීමාව තුලදී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 12223 ,අත් අඩංගුවට ගත් වාහන ප්‍රමාණය  3017 කි.