පැමිණිල්ලෙන් පසු ලක් සිසුවිය නෑ


ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේ උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් (26) ඇය නතර වී සිටි නේවාසිකාගාරයෙන්  අතුරුදන් වී ඇතැයි  ඉන්දියා ටුඩේ  පුවත්පත අද  (28) වාර්තා කළේය.

ඇය මූඩ්බිඩි‍්‍ර නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයේ හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටි ඇත.

ඇය පසුගිය දෙදිනක් තිස්සේ අදාළ නේවාසිකාගාරයෙන් අතුරුදන්ව ආගිය කිසිදු තොරතුරක් දැන ගන්නට නැතැයි පවසමින් ලාංකික ශිෂ්‍යාව ඉගෙනුම ලබන උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරීත්වය කර්ණාටක ප‍්‍රාන්තයේ මූඩ්බිඩි‍්‍ර නගර පොලීසියට පැමිණල්ලක් ගොනු කර ඇතැයිද එම වාර්තාවේ සඳහන්වේ.

නේවාසිකාගාරයේ සිටි මෙම ලාංකික ශිෂ්‍යාව ඉකුත් 25 වැනිදා සිට අතුරුදන්ව ඇති බවත්, එදින උදෑසන ඇය නේවාසිකාගාරයෙන් අධ්‍යපන කටයුතු සඳහා පිටව ගිය බවට එහි ආරක්ෂක කැමරා පද්ධති වල සටහන්ව ඇතත් ඇය විද්‍යාලය වෙත වාර්තා කර නොමැති බව උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරීත්වය සිය පැමිණිල්ලෙන් දන්වා ඇතැයි ඉන්දියා ටුඩේ වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම අතුරුදන්වීම ගැන ලාංකික සිසුවියගේ දෙමාපියන් වෙත වහාම දන්වන ලෙසද ඉන්දීය පොලීසිය උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරීත්වයට නියෝග කර තිබේ.

මෙම ලාංකික ශිෂ්‍යාව අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉන්දිය පොලීසිය වෙනම පරීක්ෂණයක් පවත්වා ගෙන යයි.

කර්ණාටක ප‍්‍රාන්තයේ මූඩ්බිඩි‍්‍ර නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයේ හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටි මෙම ශිෂ්‍යාව ඉකුත් 17 වැනිදා සිය නේවාසිකාගාරයේ පහසුකම් සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව පැවසේ.