තරිදු ජයවර්ධන
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සම්බන්ධ පිරිසක් බැණ තර්ජනය කළැයි පොලිසියට පැමිණිල්ලක් දැමීමට ගිය කුරුණෑගල පුද්ගලයකු අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
අධිවේගී මාර්ගය ඉදි කිරීමට ගැන පිපිරීම් සිදු කිරීමේදී නිශ්චිත ප්‍රමිතයට නොකරන බවට පසුගිය කාලයේ ප්‍රදේශවාසීහු චෝදනා කළහ. කිහිප දෙනකු එම පුද්ගලයාගේ නිවසට ගොස් පිපිරුම්වල ස්වභාවය මැන බලද්දී ඔහු වීඩියෝ ගත කර ඇති බවත්, එය නවත්වන ලෙස පැමිණි නිලධාරීන් ප්‍රකාශ කළ බවත්, පිපිරුම්වල සත්‍ය දැන ගැනීමට වීඩියෝ කරන බව කීමෙන් පසු බහින්බස්වීමක් වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
නිලධාරීන් තම නිවසට පැමිණ බැණ වැදීම ගැන පැමිණිලි කිරීමට කුරුණෑගල පරිසර සංවිධානයේ සාමාජිකයකු සමඟ පොලිසියට ගිය අවස්ථාවේ ඔහුගේ පැමිණිල්ල සටහන් කර නොගෙන පොලිස් කූඩුවට දැමූ බව ප්‍රදේශවාසීහු කියති. ඔහු සමඟ පොලිසියට ගිය පරිසර සංවිධාන නියෝජිතයාට පරුස වචනයෙන් බැණ පොලිසියෙන් එළවා ගත් බව පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් දෙමින් පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කුරුණෑගල පොලිසියේ ප්‍රකාශකයකු කීවේ පහරදීමක් සම්බන්ධයෙන් එම ගම්වාසියා අත්අඩංගුවට ගත් බවයි. සිද්ධියට මුහුණ පෑ ඔහු පැමිණිල්ල දැමීමට පොලිසියට පැමිණි අවස්ථාවේ කූඩුවට දැමුවේ ඇයිදැයි විමසූවිට එම ප්‍රකාශකයා කීවේ පහරදීම ගැන පැමිණිල්ලක් නිසා ඔහු අත්අඩංගුවට ගත් බවයි.

