පැන ගිය රැඳවියන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට


 

රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග

         

මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණ භූමියේ සිරකුටිය බිඳ පැනගිය සිරකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනකු මුලතිව් සෙල්වපුරම් කැළෑ ප‍්‍රදේශයක සැඟවී සිටියදී අද (8)  අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.

මිනි මැරුම් චෝදනා ලැබ බන්ධනාගාර ගතකර සිටි සිරකරුවකු , නිවසක් ගිනිතැබීම් සිද්ධියක් සම්බන්ධයෙන් හා ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සිරකරුවන් සිව්දෙනකු මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සිරකුටියෙහි රඳවා සිටියදී යකඩ කම්බි කඩා  පැනගොස් සිටි බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් සිව්දෙනා වවුනියාව රිමාණ්ඩ් බන්ධනාගාරයේ සිට මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු කටයුතු සඳහා රැගෙන ගොස් යළි බන්ධනාගාරය වෙත රැගෙන යාමට සිටියදී මෙලෙස පැනගොස් සිටි බවද කීය.