පැති කණ්නාඩි හොරා අසුවේ


තලවතුගොඩ තලංගම සුපිරි වෙළෙඳසල් අසල නවත්වන සුඛෝපභෝගී වාහනවල පැති කණ්නාඩි කඩා මෝටර් රථ අමතර කොටස් විකුණන්නන්ට අඩු මිලට විකුණන බව කියන පුද්ගලයෙක් ත්‍රීරෝද රියක් සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

මාස තුනක දී රුපියල් ලක්ෂ 40ක පැති කණ්නාඩි කඩා ඇතැයි පොලිසිය පවසයි.

මේ පුද්ගලයා නුගේගොඩ පදිංචි 45 හැවිරිදි අයෙකිතිය පොලිසිය කියයි.