පාස්පෝර්ට් සේවකයත් සැකපිට


බොරැල්ලේ කුඩු මිලාන් හෙවත් තුසිත චාමරට රාගම රෝහලෙන් ද, රටින් ද පැන යෑමට අසාර්ථක සහායක් දුන් බව කියන ආගමන විගමන සහකාර පාලකවරයෙක් ද, බන්ධනාගාර නිලධරයෙක් ද ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුගිය ජූනි 29 වැනි දා රාගම රෝහලෙන් පැන ගිය මොහු බොරු නමකින් මලයාසියාවට පැනීම සඳහා කටුනායක ගුවන්තොටේ සිටිය දී සඳුදා (26) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ප්‍රධාන පෙලේ කුඩු අලෙවිකරුවෙකියි පොලිසිය කියයි.