(ඉන්දිකා රාමනායක)
පාස්කු දින එල්ල වු බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ත‍්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුට අයත් බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම ගිණුම්වල රුපියල් මිලියන 134 ක අධික මුදලක් තිබූ බවද හෙතෙම කීය.
මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 20 ක ට අධික මුදල් ප‍්‍රමාණයක් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.
මෙම ත‍්‍රස්තවාදී සැකකරුවන් සතුව තිබු බිලියන 7 ක වත්කම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇති බවත් ඒවා අකි‍්‍රය කිරීම සඳහා අවශ්‍ය විමර්ශන කරමින් පවතින බවද හෙතෙම පැවසීය.
මෙම දේපළ අතරට ඉඩම්, ගොඩනැගිලි හා නිවාස අයත් බවත් ඒවා තහනම් කිරීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් හෙතෙම කීය.

