(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ලබන 18 හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අද(12) නියෝග කළේය.
අද (12) පෙරවරුවේ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් 12 සළකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේය.
මේ සම්බන්ධ ප්‍රතිවිරෝධතා ඇත්නම් ජුලි 25 වැනි දිනට පෙර ගොනු කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියෝග කළේය.
පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත්කර ඇති විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් වනුයේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද අබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ය.
මෙම පෙත්සම් විභාගයේ දී හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටියේය.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)





