පාස්කු ප්‍රහාරයේ ප්‍රකාශ ගන්න මන්ත්‍රී හරීන් සී.අයි.ඩීයට කැඳවයි


(නිමල කොඩිතුවක්කු)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

හෙට (28) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තමන්ට පෙනී පෙනීසිටින ලෙස දැනුම් දැනුම්දී ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ අනුව පෙරවරු 10.00 ට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල විදේශගතව සිටි අතර ඉකුත් බදාදා(21) යළි දිවයිනට පැමිණියේය.