(ඉන්දිකා රාමනායක)
පාස්කු ප‍්‍රහාර මාලාවේ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨායයේ පොලිස් කණ්ඩායම් 14 ක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මින් පොලිස් කණ්ඩායම් 11 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ, 3 ක් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මේ දක්වා සිදුකළ විමර්ශන වලට අදාලව සැකකරුවන් 197 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 119 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම පිරිසෙන් 40 දෙනෙකු රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ර`දවාගෙන සිටින බවද හෙතෙම කියා සිටියේය.
ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 52 ක් රැදවුම් නියෝග මත ර`දවාගෙන සිටින බවද ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.
මෙම කණ්ඩායම් වලට අමතරව කොළඹ අපරාධ කොට්ඨාස මගින් ද පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ ඒකකය, සයිබර් ඒකකය සහයෙන් නවීන තාක්ෂණය උපයෝගි කරගෙන මෙම විමර්ශන සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටක් කියා සිටියේය.

