පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සැකකළ ලොරිය සොයාගනී


(ඩබ්. ඒ.  පියතිලක සහ කරුණාරත්න ගමගේ)


පුලස්තිපුර පොලිස් වසමේ  සුංගාවිල ප්‍රදේශයේ  කළ මෙහෙයුමෙන් සැක කටයුතු ලොරි රථයක් අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි.
 
මෙම අත්අඩංගුවට පත් EPPX  2399 අංකය  දරණ ඩීමෝ වර්ගයේ ලොරි රථය පොලිස් මුලස්ථානයට දැනුම් දී තිබු සැක කටයුතු රථවාහන අංක සහිත වාහනයක් බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විරසිංහ  මහතා පවසයි.
 
මෙම ලොරි රථය මීට මාස දෙකකට පෙර කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට සුංගාවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කුලිපදනම මත ලබා දී ඇති බව පොලිසිය පවසයි.

මේ වන විට විශේෂ කාර්ය බලකාය ලොරි රථය දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සිටී.

ලොරි රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම මෙහෙයුම සදහා පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබේ.

(ඡායාරූපය ඩබ් ඒ  පියතිලක)