පාස්කු ප්‍රහාරය සම්බන්ධ රහස් පොලි‍සියේ විමර්ශන ප්‍රමාණවත් නැතිලු


(මනෝප්‍රිය ගුණසේකර)
 
අන්තවාදී මුස්ලිම් කල්ලියක් විසින් කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් පාස්තු ඉරුදින එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකළ විමර්ශන ප්‍රමාණවත් නොවන බව අවධාරණය කර නීතිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට තමාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට අද (9) උපදෙස් ලබා දුන්නේය.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවක් ලබාගෙන එහිදී හෙළි වී ඇති තොරතුරු කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස ද නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකඍණ නිලධාරිවරිය සඳහන් කළාය.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු ආකාරය පිළිබඳව නීතිපතිවරයා පිටු 30 කින් යුත් උපදෙස් මාලාවක් පොලිස්පතිවරයා වෙත යවා ඇත.