පාස්කු ඉරිදා ආරක්ෂාවට 12000ක බළඇණියක්


 

(ඉන්දිකා රාමනායක)

පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි  පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය පවසයි

මෙම පිරිසෙන් 9000ට අධික පිරිසක්. පොලිස් නිලධාරීන් බවත් සෙසු පිරිස ,විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ භට පිරිස් බව ද   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.