(කාංචන කුමාර ආරියදාස)
පාසලේදී ක්ලාන්තයක් ඇතිවූ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය පුවතක් අද (12 ) දහවල් දඹුල්ල පොලිසියෙන් වාර්තා වේ.
දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන පි. බී.පුබුදු මධුසංඛ (15) නැමති දරුවා මෙසේ මියගොස් තිබේ.
අද විද්‍යාලයේ වෛද්‍ය පරීක්ෂණයක් ද පැවැත්වෙමින් තිබුණු බවත් මෙම දරුවා එම වෛද්‍ය පරීක්ෂණවලට ලක් නොවුණු බවත් විදුහල්පති අරුණ බණ්ඩාර ලියනආරච්චි මහතා කියා සිටී.
මෙම දරුවා පාසලේ 6 වැනි ශ්‍රේණියේ පන්තියක වාඩිවී මේසයක් මත හිස තබාගෙන සිටින බවට තවත් දරුවෙකු විද්‍යාලයේ විද්‍යාව උගන්වන ගුරුවරයකුට දැනුම් දී තිබෙන බව විදුහල්පතිවරයා පැවසීය.
පසුව මෙම ගුරුවරයා තවත් දරුවන් දෙදෙනෙකුගේ සහය ඇතිව විද්‍යාලයේ ඒ වනවිටත් සිටි වෛද්‍යවරයකුට පෙන්වීමත් සමග වහාම දරුවා රෝහල්ගත කරන ලෙස වෛද්‍ය උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව පාසලේම තිබුණු ගිලන් රථයකින් දරුවා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.




