පාසලේ වෙඩි තැබීමේ සිද්ධියට සෙබළාගේ වරදක් නැති බව හමුදාව කියයි


(ජයන්ත සමරකෝන්)

 ගාල්ල පාසලක් අසල දී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකාර සෙබලා පිළිබඳව ලැබෙන තොරතුරු අනුව ඔහු වරදක්  කර  ඇති බවක් පෙනෙන්නට නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා අද (7) පැවසීය.
 
එහෙත් මෙම සිද්ධිය පිළිබඳව විවිධ තොරතුරු මෙන්ම කටකතා පැතිරෙමින් පවතින බවද යුද හමුදා පොලිසිය ඒ පිළිබඳව තවදුරටත් විධිමත් පරික්ෂණයක් සිදුකරගෙන යන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

දැනට මේ පිළිබඳව පොලිසිය හා යුද හමුදාව වෙත වෙනම පරීක්ෂණයක් සිදුකරන අතර සැකකාර සෙබළා හදිසි නීතිය යටතේ බුස්ස 581 බල සේනාධිපති බාරයේ රඳවා ඇතැයි ද ඒ මහතා කීය.

එරෙහත් ඉල්ලා සිටින ඕනෑම මොහොතක ඔහු පොලිසියට හෝ අධිකරණයට බාරදීමට සුදානම් බවද හෙතෙම සඳහන් කළේය.