පාසලේ වතුර බිලට අමාත්‍යාංශයෙන් මුදල් නෑ


(දයාසීලි ලියනගේ)

මෙතෙක් කලක් භාණ්ඩාගාරය මගින් ගෙවනු ලැබූ පාසල් ජල බිල මින් ඉදිරිය‌ට පාසල විසින්ම ගෙවිය යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලු පාසල් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.

මෙම තීරණය නිසා විදුහල්පතිවරු දැඩි අසීරුතාවකට පත්වී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කීය.

මෙම ජල බිල ගෙවීම නිසා දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුවන තත්වයක් උදාවන බැවින් වහාම මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙසට රජයට දැනුම් දී ඇතැයිද ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේය.