පාසලේ දී හෙරොයින් අලෙවි කළ ආරක්ෂකයා අත්අඩංගුවට


දිනේෂ් උපේන්ද්‍ර                                                                                                

කුලියාපිටිය ජනප‍්‍රිය පාසලක ආරක්‍ෂකයකු පාසල් වේලාවේදී හෙරොයින් අලෙවි කරමින් සිටියදී අද (18) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පහළ ගල්පොල ඉලූක්හේන ලිපිනයේ පදිංචි නිරංජන් දීපාල් ද සිල්වා නැමැති 32 හැවිරිදි ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු අයෙකි.

කලක පටන් පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය බෙදාහරින බවට දිගින් දිගට දෙමාපියින් ඇතුළු විවිධ පාර්ශව වලින් ලද තොරතුරු වලට අනුව දිගු කලක් විමර්ශනය සිදුකර වැටලීම පාසල තුළ සේවයේ යෙදෙමින් සිටියදීම අදාළ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අදාළ හෙරොයින් තොගය සමඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.