පාසලේ දී සිරස නැති වැඩක් කරලා


කොළඹ අශෝක විද්‍යාලයයේ පරිපාලනයට එරෙහිව පැවැති උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට එම විරෝධය නිම වීමෙන් පසු විද්‍යාලයයේ   සිටි පිරිසක් පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

අශෝක විද්‍යාලයයේ පරිපාලනයට එරෙහි වූ ගුරුවරුන් 25ක් පමණ මේ වන විට ස්ථාන මාරු කර ඇති බවත්, තවත් ගුරුවරුන් තිස් ගණනක් තමනට ද ස්ථාන මාරු ඉල්ලා අද කලාප අධ්‍යාපන කාර්යාලයට ගිය බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

කාලයක සිට පවතින ගැටළුවට විසඳුමක් ලබා නොදීම නිසා සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වී ඇති බවත්, ඊට බලධාරීන් වගකිව යුතු බවත් ස්ටාලින් මහතා පවසයි.

මේ ගැන විමසීමට පළාත් අධ්‍යාපන ලේකම් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.