පුත්තලම ඇන්ඩෘ විද්‍යාලයයෙන් සොයා ගත් ඡන්ද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණන් කිරීම අද සවස 5.10 ට පමණ අවසන් විය.
එම ඡන්ද පෙට්ටි දෙකකට දමා තිබිණි.
මුල් පෙට්ටියේ ඡන්ද 3893ක් තිබිණි. එම පෙට්ටියේ ඡන්ද පත්‍රිකා 61ක් ඉරී තිබිණි. දෙවැනි පෙට්ටියේ ඡන්ද 2493ක් තිබුණු අතර එහි නරක් වූ ඡන්ද ප්‍රමාණය 17කි.
අපේක්ෂකයෝ කිහිප දෙනෙක් ද ඡන්දය ගණන් කරන අවස්ථාවේ සිටියහ.
ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඡන්ද ගණන් කැරිණි. ලබන නව වැනිදා මේ නඩුව දිසානායක මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.

