පාසල්වල ආරක්ෂාවට දෙමව්පියන් අනවශ්‍යයි


(රංජන් කස්තුරි)
 

පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් මින් ඉදිරියට දෙමාපියන් සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් සිසුන්ට විනිවිද පෙනෙන පාසල් බෑග ගෙන ඒමට බලකරමින් දෙමාපියන් අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු නොකරන්නැයි විද්‍යාලවලට දන්වන බවද එම අමාත්‍යාංශය පවසයි.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බවද ඒ අනුව දෙමාපියන් පාසල්වලට කැඳවීම අනවශ්‍ය බවද අධ්‍යාපන අමාත්‍යාංශය  කියයි.
 
පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගැබිනි මාතාවන් පවා ගෙන්වා තිබෙන බවද, වෙනත් කරුණු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.