පාසල් සිසුවෙක් - සිසුවියක් දුම්රියේ ගැටී මරුට


(හැටන් රංජිත් රාජපක්ෂ)                      
පාසල් සිසුවෙක් සහ සිසුවියක් දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය දෙකින්ද ප්‍රදේශයේ පදිංචි ලලංග හර්ෂ කුමාර සහ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි වික්‍රමගෙදර පියුමි භාග්‍යා නැමති පාසල් සිසුවියයි.

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා සහ සිසුවිය තවත් පාසල් සිසුවියක් සමග දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා අද (02) උදැසන 9.30ට පමණ  ධාවනය වු විශේෂ දුම්රියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය සහ  ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර ජයසුන්දර ප්‍රදේශයේදිය.

පාසල් සිසුවෙක් සහ පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි ඉදිරියට ධාවනය වන  දුම්රිය දැක මියගිය පාසල් සිසුවාගේ පෙම්වතිය බව පැවසෙන පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කර අනිත් පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කිරිමට පාසල් සිසුවා උත්සාහ කිරීමේදී දෙදෙනාම දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසයි.

මෙම තිදෙනාම බාහිර පන්තියට සහභාගි වන බව නිවසට පවසා නිවසෙන් පැමිණ ඇති බවත්, බාහිර පන්තියට නොගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක් වි ඇත.

මියගිය පාසල් සිසුවා සහ අනතුරෙන් දිවිගලවා ගත් පාසල් සිසුවිය දුම්රිය මාර්ගයේ ඉදිරියෙන් ධාවනය කර ඇති අතර ඔහුන් දෙදෙනාගේ පසු පසින් මියගිය පාසල් සිසුවිය දුරකථනයකින් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති බවයි.

මිය ගිය සිසුවාගේ සහ සිසුවියගේ සිරුර නාවලපිටිය මුලික රොහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.