පාසල් සිසුන්ට ෆයිසර් හෝ මොඩර්නා


(ඩයනා උදයංගනී)

මෙරට වයස අවුරුදු 12 - 18ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.

එම දරුවන්ට ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ලලිත් වීරතුංග මහතා මේ බව පැවසුවේ කොළඹ කොටුව පරණ චාටඩ් ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කෙරුණු ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට අද (29) එක්වෙමිනි.