පාසල් සිසුන්ට සපත්තු ගන්න වවුචරයක්


පාසල් සිසුන්ට සපත්තු සඳහා වවුචර්පත් නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අනුව මෙම ව්‍යාපෘතිය 2018 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

දුෂ්කර පාසල් 4000ක සිසුන් 600 000ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 800ක් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.