(තිලකරත්න දිසානායක)
ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ විද්‍යාලයේ දී පාසල් සිසුන් සඳහා අද (19) පෙරවරුවේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මැතිවරණ අපේක්ෂයකු ආරාධිතයකු ලෙස සහභාගි වී සිටි අතර ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට මැතිවරණ නිලධාරීහු පියවර ගත්හ.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායට අනුබද්ධිත ජාතික මානව සංවර්ධන පදනම මගින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබු අතර මෙම අවස්ථාවට ඡන්ද අපේක්ෂකයකු සහභාගිවී සිටින බවට ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලැබී ඇති පැමිණිල්ලක් මත සහකාර මැතිවරණ නිලධාරීවරයෙකු සහ මැතිවරණ පොලිස් ස්ථානාධිපතිවරයා එම විදුහලට පැමිණ අදාල අපේක්ෂකයා ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.
එම නිලධාරීන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි.

