අධිකාරියේ පුහුණුව ලබන රියදුරන් යොදවන වාහන පමණක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරන ලෙස ජාතික ළමා රක්ෂණ අධිකාරිය යෝනා කරයි.
එම පුහුණුව ලබාගන්නා රියැදුරන්ට සහතිකයක් ලබා දෙන බවත් එකී සහතිකය ඉදිරිපත් කරන වාහන වලට ලියාපදිංචිය ලබාදෙන ලෙසත් එම දෙපාර්තමේන්තුවට යෝජනා කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.
පාසැල් වෑන් රථ රියැදුරන් පිළිබදව නිතර නැඟෙන චෝදනා හා පැමිණිලි හේතුවෙන් මෙවැනි වැඩපිළිවෙළක් යෝජනා කළ බව කී එම නිලධාරියා එම දෙපාර්තමේන්තුව ඉදිරියේ දී ඒ පිළිබදව යම් වැඩ පිළිවෙළක් සකසනු ඇතැයි සඳහන් කළේය.

