පාසල් වැසීම ගැන තීරණ ගන්න පළාත්-කලාප අධ්‍යක්ෂකවරුන්ට බලය



රංජන් කස්තුරි
 
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑමේ අවදානම් වලට ලක්ව තිබෙන ප්‍රදේශවල පාසල් පවත්වාගෙන යාම හෝ වසා දැමීම හෝ ඒ පිළිබඳව තීරණය කිරිමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


ආපදා තත්වයන් පෙරාතුව කිසියම් පාසලක් පවත්වාගෙන යාමට නොහැකි නම් විදුහල්පතිවරයා ඒ පිළිබඳව පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කර තීරණයකට එළඹිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් පවත්වාගෙන යාමේ අවදානමක් හටගෙන තිබෙන බවද එම අමාත්‍යාංශය පවසයි.