පාසල් ව්‍යාපෘතියේ ඉදිකිරිම් සමාගම් වලට කෝටි 1800 ක පොල්ලක්


ශිරාන් රණසිංහ

 

ළඟම පාසල හොඳම පාසල කිරිමේ වැඩසටහන අනුව ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ පාසල් 200 කට අධික ප්‍රමාණයක් අලුත්වැඩියා කිරිමට පටන් ගත්තද අදාළ ඉදිකිරිම් සමාගම් වලට  රුපියල් මිලියන 18,000 ක මුදලක් නොගෙවීම නිසා ව්‍යාපෘතිය අවුල් වී ඇත.

ඇතැම් පාසල් ගොඩනැගිලි කඩා අලුතින් ඉදිකිරිම් ඇරඹුව ද මුදල් ප්‍රශ්න නිසා එවැනි ඉදිකිරිම් වලින් තුනෙන් දෙකක්ම නතර වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළිකර සිටියි.