පාසල් මැයි හත දක්වා වසා තැබේ


(අජන්ත කුමාර අගලකඩ සහ තිළිණි ද සිල්වා)

දිවයිනේ සියලු පාසල් මැයි හත් වැනි දා දක්වා තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

කොරෝනා වයිරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය කර ඇත.

සෞඛ්‍ය බලධාරීන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනවු රජයේ පාසල්,කතෝලික පාසල්, පෞද්ගලික පන්ති, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන මෙසේ වසා තැබෙනු ඇති.

කෝවිඩ් -19 වයිරසය රටපුරා ව්‍යාප්තවීම හේතුවෙන් සියලුම පාසල් අප්‍රේල් 30  දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කර තිබුණි.  රටේ පවතින තත්ත්වය තව දුරටත් සැලකිල්ලට ගත් අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන බලධාරින් හා සෞඛ්‍ය අංශ එක්ව සිදු කළ සාකච්ඡාවකින් පසු ලබන සතියත් පාසල් වසා තැබීමට තීරණය කර ඇත.