පාසල් බසයේ සිසුහු 18ක් රෝහලේ


කැකිරාව තෙලඹියාගම පාසල ඉදිරිපිට වංගුවේ අනතුරට ලක් වූ බසයේ සිටි ළමයින් 18 දෙනකු ඇතුළු 20 දෙනෙක් තුවාල ලදහ.

ළමියන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව අනුරාධපුර රෝහල කියයි.

බසය මාර ගසක හැපී විදුලි කණුවක ද හැපෙන්නට ඇතැයි පොලිසිය පවසයි.