මරදානේ පාසලක විදුහල්පතිවරයකු පාසල් බස් රථයද රැගෙන සන්ධාන ප්‍රබලයකුගේ ඡන්ද වැඩකට ගියැයි කියන සිද්ධියකට විරෝධය පා එම විද්‍යාලයයේ ගුරුවරුන් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව එළියට වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
පළාත් අධ්‍යාපන ලේකම් එස් කොඩිකාර මහතා පැවසුවේ එවැනි තොරතුරක් තමාටත් ලැබුණු බවයි. ඒ ගැන සොයා බලමින් සිටින බව ද ඒ මහතා කීවේය.

