පාසල් නිල ඇඳුම් වවුචරයේ කාලය දිගුකරයි


රංජන් කස්තුරි

පාසල් සිසුන්ගේ නිල ඇඳුම් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලබා දුන් වවුචර්පත්වල වලංගු කාලය ජනවාරි මස 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ.
 
මෙතෙක් එම වවුචරපත්වලින් නිල ඇඳුම් මිලදී නොගත් සිසුන්ගේ පහසුව සඳහා වලංගු කාලය දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
 
නිල ඇඳුම් වව්චරපත්වල වලංගු කාලය දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.