
(සුජිත් හේවාජුලිගේ )
වයස 15ට වැඩි පාසල් දරුවන්ට කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීම ලබන(15) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය අංශය මේ සඳහා මැදිහත්වී කටයුතු කරන බවත් විදුහල්පතිවරුන්ගෙන් දරුවන්ගේ වාර්තා ලබාගෙන පාසල්වලදීම එන්නත ලබාදීම සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.
පාසල් දරුවන්ට එන්නත ලබාදීම කෙටි කලකින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.
පාසල් දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිලධාරීන් මේ දිනවල පුහුණු කරගෙන යන බවත් එම එන්නත්කරණ කටයුතු තරමක් ප්‍රමාද වූයේ ඒ නිසා බවත් වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
එන්නත් ලබාදීමේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා එන්නත්කරණ කටයුතු පාසල්වලදීම සිදු කිරීමට තීරණය කළ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

