පාසල් කි‍්‍රකට් තරග රැසක් කල්දමයි


අද සහ හෙට දෙදින තුළ දිවයින පුරා පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු 19 න් පහළ අන්තර් පාසල්  කි‍්‍රකට් තරගාවලියේ තරග 7 ක් වර්ෂාව හේතුවෙන් කල් දමා තිබේ.

කල්දමන ලද තරග

  • නාලන්දා විද්‍යාලයීය පිටියේදී පැවැත්වීමට නියමතව තිබූ කොළඹ නාලන්ද සහ කොළඹ රාජකීය විද්‍යාල අතර තරගය.
  • වෙස්ලි විද්‍යාලයීය පිටියේදී පිටියේදී පැවැත්වීමට නියමතව තිබූ කොළඹ වෙස්ලි සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල අතර තරගය.
  • මොරටුවේදී පැවැත්වීමට නියමිතව තිබූ මොරටුව වේල්ස් කුමර සහ මොරටුව ඞී. එස්. සේනානායක විද්‍යාල අතර තරගය.
  • මොරටුවේදී පැවැත්වීමට නියමතව තිබූ මොරටුව මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය.
  • මරදානේදී පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ සහිරා විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය.
  • කදිරානේදී පැවැත්වීමට නියමිතව තිබූ මාරිස්ටෙලා විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය අතර තරගය.
  • කොළඹ ආනන්ද විද්‍යාලයීය පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරගය.
  • කොටහේනේදී පැවැත්වීමට නියමිතව තිබූ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය සහ කොටහේන ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය.