පාසල් කැන්ටිමට පනී


අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයන්ට අනුව පාසල් ආපනශාලාවන්හි මේදය හා ලුණු අධික ආහාරපාන, දරුවන් සඳහා තවමත් අලෙවි වන්නේද යන්න සොයා බැලීමට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

පාසල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියරයකු ආහාර පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීඛ්ෂකවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මගින් වැටලීම් කිරීමට නියමිත අතර කොළඹ නගරයේ ඇති පාසල් 153ක් මේ යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

පාසල් දරුවන් අතර දියවැඩියාව, ස්ථුලතාවය සහ හෘදයාබාධ වැනි බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙසට මෙම පියවර ගෙන තිබේ.