පාසල් උත්සව වලට මිල අධික ශාලා බෑ



ඩයනා උදයංගනී
 
 පාසල්වල පවත්වන විවිධ උත්සව සඳහා වියදම් අධික රංග ශාලා යොදාගැනීම නැවැත්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
 ඒ සඳහා සියලූ පාසල් ප්‍රධානීන් දැනුම්වත් කර චක්‍රලේකයක් නිකුත් කරන ලෙස තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
 
 අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත්, මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේදී දෙමාපියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථීක අපහසුතාවයන්ට මුහුණ දෙන බවත් අ අකිල් විරාජ් කාරියවසම් මහතා කීවේය.